ගී පද
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබළයි රන් මෙහෙසිය වූ දාට....//
විලාසිතා මන බඳිනා විලාසිතා
විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා
දිලෙන තරු වලින් නැහැවෙන විලාසිතා
මලට පෙති වගේ බබළන විලාසිතා.....
හමනා සුළඟට එක පැහැයක් එක් වුවොත්
ගලනා මුහුදේ රළ වෙන පැහැයක් වුවොත්
අදට වඩා හෙට උපදින තව දවසක් වුවොත්
අලුත් අලුත් දේවල් තව ලෝකෙට එක් වුවොත්....//
විලාසිතා මන.....