ගී පද
ලස්සන පුර සඳ පායනවා
එරබදුමල් පොපි පීදෙනවා
බක් මාසය අප හැරයනවා
ආයුබොවන් ආයුබොවන් ආයුබොවන් කියමින් යනවා
ගම්බද වෙහෙරක ඝණ්ඨා නාදය
කම්කළු විය පෙර දිනයේ
ගම්බද යුවතිය ඇන්දා සාරිය
අවුරුදු කළඑළියේ - අවුරුදු කළඑළියේ
මල් පෙති පිණි කැට - ගංගා රාවය
නව අවුරුදු සැණකෙළියේ
සුන්දරතාවය මැව්වා පාමින
තව් සිළුමිණි රැලියේ - තව් සිළුමිණි රැළියේ