ගී පද
මගෙ මතක අවුලන්න
ඒක රෑක ලඟ ඉන්න
භීනයක හෝ දැවටිලා ආදරෙන්
මං නැතුව හිනැහෙන්න
දැන් ඔබට පුලුවන්ද
හංගා තබා මා ඔබේ මතකයෙන්
මා ළයට ලැම තියා
හුස්මක් දුරින් හිදන්
ඔබගේ කතා තවත්
සවනේ තියේ හොදින්
(ලස්සන නමක් තියාගෙන මටත් වඩා කල් සතුටින් ඔබ ඉන්න
හිස්වෙන මගේ තැනට එන අලුත් කෙනා ඔබ පණ වගෙ රැකගන්න)..//
මවගේ අතින් අල්ලලා දිවුරලා
වෙන අතක දැත් එල්ලිලා
මගෙ ආදරේ තේරෙනා දිනකදී
එන්නට එපා ඉල්ලලා
දුරකතනයේ මගේ නම නැතත්
ඔබෙ හදවතේ මා ඉදී මතුවටත්
ලස්සන නමක් තියාගෙන මටත් වඩා කල් සතුටිත් ඔබ ඉන්න
හිස්වෙන මගේ තැනට එන අලුත් කෙනා ඔබ පණ වගෙ රැකගන්න
ගඟ කොහෙ ගියත් මුහුදකින් කෙලවරයි
උඩුගම් බලා යන්නෙ නෑ
ප්‍රේමය උනත් ඒවගෙයි රත්තරන්
නවතා තියා ගන්න බෑ
දුරකතනයේ මගේ නම නැතත්
ඔබෙ හදවතේ මා ඉදී මතුවටත්
මගෙ මතක අවුලන්න....
(ලස්සන නමක් තියාගෙන මටත් වඩා කල් සතුටින් ඔබ ඉන්න
හිස්වෙන මගේ තැනට එන අලුත් කෙනා ඔබ පණ වගෙ රැකගන්න)..///