ගී පද
ලස්සන මැණික ඔයා
හිටපු හැටි තිස්සෙම ලඟට වෙලා
අමතක වෙන්නැති තරමට මා
ඔබටම උමතු වෙලා
ඉස්සර මතක සොයා
විටින් විට ගැස්සෙන හීන මවා
අන්සතු නොවෙනා පපුව පුරා
සදහට සින්න වෙලා
මා වෙත වෙනදාට ගෙන ආව
සතුටට වඩා ඔයා
නිරතුරුව ලංවී දුකම ලං කෙරුවා
කෝ අද හිතගාව ඉගි පෑව
හුරතල් ගෙනා හිනා
කඩින් කඩ මැකිලා දැන් අයිති නැතුවා
කොච්චර හැඬුවද කියලා
නුඹ බැලුවද නිකමට හොයලා
තරහක් නෑ ඒත් හිතේ කිසි දාක මා
ඇස් දෙක හොඳටම රිදිලා
දුක කියන්න බැරි තැන හඩලා
පිලිගන් නෑ හිත තාමත් නුඹ නෑ කියා
මා වෙත වෙනදාට ගෙන ආව
සතුටට වඩා ඔයා
නිරතුරුව ලංවී දුකම ලං කෙරුවා
කෝ අද හිතගාව ඉගි පෑව
හුරතල් ගෙනා හිනා
කඩින් කඩ මැකිලා දැන් අයිති නැතුවා
නුඹ දැකගන්නට පෙරදා
මා නොපිරූ පෙරුමන් පිරුවා
නිදුකින් නම් නුඹ ඉන්නේ ඒත් ඇතුවා
පාරමිතාවක් වීලා
අපි ආත්ම ගණනක් ආවා
සතුට ළඟින් ගැවසේවා වෙනදට වඩා
ලස්සන මැණික ඔයා....
මා වෙත වෙනදාට ගෙන ආව....