ලස්සන අඹ ගසක් සොයාලාlassana amba gasak soyaalaa

Lassana Amba Gasak Soyaala

ගී පද

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං //

සදාපු කූඩුව මං මුලදි
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්ද තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනෙයි

ලස්සන අඹ ගසක් සොයාලා..

රසබර පල වැල නෙලාලා
කූඩුව වෙතට ගෙන ඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
උදෑසනෙන් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ

ලස්සන අඹ ගසක් සොයාලා..