ලස්සන රෝස මලක්lassana roosa malak

Lassan Rosa Malak

ගී පද

ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ...

නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
රන් වලින් දැංවැල් සදා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......

මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......

කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
සුන්දරයි දෙසවන් පිනා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......

ඈගෙ සුදු මුහුන දුක් වීල ඇඩුවාට කැතවෙන්නෙ නෑ
මම ඔබෙ ඔබ මගෙ මගෙ හිත වෙන්වෙන්නෙ නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......