ලැසි ගමනින් යන හනිකේlaesi gamanin yana hanikee

Lasi Gamanin Yana Hanikee

ගී පද

ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ

පැද්දෙන උකුළු තිසර පැටවු
නෙත් මිණිකැට ගිරවගෙ නාසේ
අප දැක තියෙනව පසුවත් දකිනව
යනු මැන මගෙ දෝසේ කිරි අප්පේ

ආඩම්බරකම තඹ දොයිතුවකටවත්
නැහැ කිසිවකු ගන්නේ
පහනක්‌ වැනි හැඩ මුහුණක්‌ ඇති ඔබ රැවුවත්
සිනහව වන්නේ කිරි අප්පේ