ළං වී සිටි කාලේ (ඔබ සිතනා තරම්)lan wii siti kaalee (oba sithanaa tharam)

Lanwee Siti Kaale (Oba Sithana Tharam)

සංගීතය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
පද රචනය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

ගී පද

ඔබ සිතනා තරම් වරදක් නෑ කළේ
හැර යන්නට තරම් ඇයි ඉක්මන් වුණේ
පහදලා තේරුම් කරන්නටවත් ඉඩක් දුන් නෑ
පහුවෙලා දුක් වෙයි ඔයා වැරදි නෑ මම කියා
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....

හෝ මගේ ආදරේ තරම් දෙයක් ඔබට තිබුණේ නෑ
ඔබේ හුස්ම ටික තරම් මට මුකුත් වටින්නේ නෑ
ඔයාටත් වඩා ඔයා විශ්වාස කෙරුව මා
වැරදිකාරයෙක් වගේ පෙණුනද ඉතින්
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....

හෝ.... බාධක තියේද්දී ආදරෙන් ඉඳිද්දී
ලෝකයක් හිනාවෙයි අපි දුකින් හඬද්දී
ඔයාටත් වඩා ඔයා පෙම් කරන මාව දමා
රිදවන්නෙපා තවත් එනවද ඉතින් 
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....

ඔබ සිතනා තරම්......

ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....