ලඳු ඕවිටි කරල් මතින්landu oowiti karal mathin

Landu Owiti Kalal Mathin

ඇල්බමය
Numbata Hithathi

ගී පද

ලඳු ඕවිටි කරල් මතින් 
සුසුම් ගඟක් ගලනවා 
බාධක ගිරි ශිඛර මැදින් 
කුස ගින්දර දිවෙනවා 
අලුත් පාර හැදෙනවා...

හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා 
පොලොව දැවී අපේ පයට සිහිල සදනවා 
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා 
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා...

ලඳු ඕවිටි...

අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා  
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරේ කඩුලු ඇරෙනවා
පාර අයිනේ අපි හැමදා බලා ඉන්නවා...