ළඹ සවන් රන් පටින් lamba sawan ran patin

Lamba Sawan Ran Patin

ගී පද

ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින් 
රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් 
උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින් 

දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින් 
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන් 
සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගගින් 
පවසින් දහමේ නිවුනේ දම් අමා රසින් 

කැණී මඩල පළාලා-සුණු විසුණු කරා මැදුරක් 
යළි මැදුර සදාලා-වෙහෙසුමක් තොපට නැත්තේ 
මම ගයමි උදම් ගී-නද දුන්නු රාජ මිහිදෙක් 
දැහැමින් බවුන් වඩයි-නේරංජන නදී තිරේ 

ළඹ සවන් රන් පටින් .../

දස දහසක් සක්වාතල එකම්පිත වෙවී 
දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලි 
දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී 
පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී 

කැණී මඩල පළාලා......