ගී පද
ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනිවී
සෝ දුකිනී ඉන්නේ
රතැඟිලි මොළවා කුසුම් නෙළා ගෙන - බුදු පුදටද යන්නේ
බලන්නකෝ අනෙ අප දෙස ළංවී - පිරිසිදු සිනහ පපා
මියුරු බසින් අප නළවා - සුරඟන රැඟුමන් සොඳුරේ රඟ පා
සනසනු අප සැවොමා
දෙපා නගන්නට බැහැ නොවැ අයියෝ - ඔබ තනි කර දමලා
ඔබ වැනි සුන්දර සුරූපියන් ඇයි - ගල් ගෙයි තැවෙනු දුකින්