ගී පද

ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා තනිවුනා

නුහුරු මිහිරෙන් ඔබේ
නෙතු දිලී පියවිලා
සිත පුරා පෑව හද පුදා වින්ද
ආදරෙත් සැඟවූවා

දෑතින් අල්ලා .................

ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා
පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා
දෑතින් අල්ලා මගේ සිතම සිඹලා
පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා

ලා රෝස ......................