ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේlaa dhalu boo path semin saelena see

La Dalu Bo Path

ගී පද

ලා දළු බෝ පත්
සෙමින් සැළෙන සේ
යශෝදරා දේවි
වාවනු බැරි තැන රාහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනෙහේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ
පිපි නිවන් මල් සාදු කාර දී
නිවී පහන් විය උදෑසනක් සේ