කුසුමීkusumii

Kusumi

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
තිලක් නවරත්නthilak nawarathna

ගී පද

දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ 
නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසුමී
මල් යායේ දුරක වෙන් වූ දිය පෝර නැතිව මැලි වූ
හැඩ පුංචි මාගේ ප්‍රේමී ගව් දනන් සැරෙන්නී.....

පියඹා ඔබ සොයලා එනවා කඳුහෙල් පසු කරලා
හැඩ පොඩි කුසුමී නොපතා ඔබේ දෙතොලේ රසමී
මම සිප සැනසෙනවා මල් පෙති නොතලා......

දුර විලෙන් මුවට පුරවා දිය බිඳෙන් බිඳ ගෙනාවා
අද නගන සුමුදු සිනහා මට මහඟු දෙයකි කුසුමී
මගේ පැණින් පුබුදු වූවයි නොගන්නෙමි ඔබේ රොන්
මතු භවයේ හාදු උණුසුම් මට අගෙයි සදා කුසුමී......

පියඹා ඔබ........
(එනවා සොයලා.....//)
පියඹා ඔබ........