ගී පද
කුසුමට ලං වී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා තනි වුනු කුසුමකි මා ..//
ඉගිලී යන්නට පියා පත් නැත මා හට ඔබ මෙන් ..//
හෙට ආයෙත් දිනයක ඔබ ඒවී මා රිදවා සතුටු නොවෙන්
කුසුමට ලං වී ..../
හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වෙවී..//
ඔබ ආයෙත් මා හමුවට එයිනම් යලි මා මුකුලිත වේවී
කුසුමට ලං වී ..///