කුසුම් පිපී තුරු මතේkusum pipii thuru mathee

Kusum Pipi Thuru Mathe

සංගීතය:
ජෝජ් පල්ලියවත්තjooj palliyawaththa
පද රචනය:
ජෝජ් පල්ලියවත්තjooj palliyawaththa

ගී පද

(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)
කෝකිල කූජනය නැගේ ලියගොමු අතරේ
මධුර වසන්තේ.......
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)

(රේණු සැලේ වැලි තලේ පෙති ගිලිහී දිය වැලේ....//)
ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ 
මධුර වසන්තේ.......
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)

(ගම්මානය කෙළවරේ පන්සල් බිම් බෝ රුකේ.....//)
සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ
මධුර වසන්තේ.......
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)

අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා අමරස වින්දේ
මධුර වසන්තේ.......

කුසුම් පිපී තුරු මතේ.....