කුරුල්ලන්ගෙ තටු සින්දොත්kurullange thatu sindhoth

Kurullonge Thatu Sindoth

ගී පද

කුරුල්ලන්ගෙ තටු සින්දොත් අහස් තලේ දුර මනින්න
වළාකුලක හැඩ බලන්න සුළං රොදක සුව විඳින්න
ඉතින් තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිඳ දැම්මොත් මෙවුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙම් අතරේ මුදු පහස ලබා මලක සුවඳ පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට

වරල් බිඳුණු මාළුවෙකුට සයුර පතුලේ කිමිදී යන්න
රළ පහර මතින් සැඩ බිඳ දමමින් ගල්පර තුල සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත් ලපලු හැගුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද