කුරහන් යායේkurahan yaayee

Kurahan Yaaye

පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

කුරහන් යායේ සඳ උදුරාගෙන  
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී 
නුබට ඇසේවා සුදු නෑනේ.....

එදා වගේ සැදෑ අදුර 
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පදුරේ සෙවන සදනවා 
කීව කතා යලි සිතට නැගෙනවා......

කුරහන් යායේ සඳ උදුරාගෙන 
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී 
නුබට ඇසේවා සුදු නෑනේ......

මගේ පැලේ හිනැහීගෙන 
සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා 
ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා.....

කුරහන් යායේ සඳ උදුරාගෙන 
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී 
නුබට ඇසේවා සුදු නෑනේ......