කුරහන් මල් පිපිලාkurahan mal pipilaa

Kurahan Mal Pipila

සංගීතය:
ඉන්ද්‍රජිත් මිරිහනගේindhrajith mirihanagee
පද රචනය:
සමන් කුලරත්නsaman kularathna

ගී පද

කුරහන් මල් පිපිලා පැල අද්දර
හිත සතුටින් සනසා
සඳකැන් මල් වැටිලා ඉහ ඉද්දර
නුඹ කැන්දන් එනවා

කෝල බැලුම් සිනහා ඉඟි බිගි
මන්ද නගේ හැමදා
ආල සිතුම් වඩනා කිති බිති
ලන්ද දිගේ නිබදා 

කුරහන් මල් පිපිලා ....

පෝය සඳින් ගෙනෙනා සිසිලස
හද මන්මත් කරනා
මහද තුලින් ගලනා තනිකම
තවම නුඹට නොදැනා

කුරහන් මල් පිපිලා ....