කුමුදුනිය ඔබයි මගේkumudhuniya obayi magee

Kumuduniya Obai Mage

සංගීතය:
රංග දසනායකranga dhasanaayaka
පද රචනය:
කසුන් ගුණතිලකkasun gunathilaka

ගී පද

කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ 
නැගුණු සඳ ඔබයි රැයේ 
අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ....

මිහිර බෙදූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවියම නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරනේ නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ