කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාkumudhu liyee sanda eliyee naehaewenaa

Kumudu Liye Sada Eliye Nahawena

ගී පද

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා //

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ //

කුමුදු ලියේ ....

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ 
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ //

කුමුදු ලියේ ....