කුමටද සොබනියේkumatadha sobaniyee

Kumatada Sobaniye

ගී පද

කුමටද සොබනියේ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්...//

කුමටද සොබනියේ...

සඳ පායන කල ගඟබඩ ඉඳගෙන
‍ඔබේ හිස පීරන්නම්//
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
‍ඔබ ගෙන ඇවිදින්නම්//
සොඳුරියේ ආදර බස් දෙන්නම්//

කුමටද සොබනියෙ...//

තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
ඔබේ ඇග දොවන්නම්//
ඉරපායන විට පුබුදින මල් ගෙන
ඔබේ හිස සරසන්නම්//
කොමලියෙ ආදර බස් දෙන්නම්...//

කුමටද සොබනියෙ...//