ගී පද
කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව
දනවන කුතුහලය අප සිත් තුල
නොදුටු විරූවක් යම් කිසිවෙකු පෙර
කෙලෙසද සිත් සෝදිසියට කියන්නේ...
පියාපතක්දෝ ස්වර්ණ වර්ණ
දෙව් ලොව පක්ෂියෙකුගේ
අසිරිමත් නර ලොව තතු
දැන ගන්නට සිත් සේ රෑන හැරා
හුදකලාව මිහිමත...
පියාපතක් නොව විස්කම් දෙව් පුත් මැවූ
අබරණකි දඹ නදරන් ගෙන
මෙවන් සියුම් අත්කමක් කරන්නට
මෙලොවේ නම් නැත රන්කරුවෙක් කිසි...
අබරණක් නොව මලක් වේද එය
හිමගිරි අරණේ පිපෙනා මනරම්...
නීලම්බරයේ සැරිසරන නිබඳ
සිදඟන වරලින් ගිලිහුනු සුරත...//