කුමක්ද ආදරේkumakdha aadharee

Kumakda Adare

සංගීතය:
අමිත් ගුරුamith guru
පද රචනය:
රවිහර සිඳුrawihara sindu

ගී පද

රිදෙන්න පෙර මා සිත යළි තනිකරගන්නම් ඔබෙන් දුරස් වීලා
අඬන්න නෙතු පුරවා කඳුළකට ඉඩ නොදී සමුගෙන යන්නම් මා
නෙතින් දකිනා තුරා සිතුවේ නෑ මිතුරන් කීවේ ඇත්ත කියා
පලක් නැති පෙම් කතා යළි කතා කරන්නෑ ඔය තුරුලට වෙලා
(ඔබ දන්නෑ කුමක්ද ආදරේ කියා......//)

පැතුවේ ඔබේ සිතයි මා නම් නැ සුළු කළේ බෙදා
වරදිමෙන් කෙටි පණිවිඩයක් ඔහුගේ මට 
එව්වත් සනසා රවටා මා සිත සදා
දුරකතනින් අමතා ඔබ හිමිවුණි පෙරදා
අද ඒ දුරකතනින් මට ඔබ ගැන දැනුණා
ඔබ මට ආදරෙන් එවූ පණිවිඩයක් 
එදාම ඔහුටත් එලෙසින් යවලා තිබුණා
(ඔබ දන්නෑ කුමක්ද ආදරේ කියා......//)

සිහින මවලා තිබුණත් සිතුවේ නෑ 
පිනිබිඳු වගේ මැකෙයි කියලා
උපන් ගෙයි ආදරේ පරවී මිලින ව
දෙනෙතේ කඳුළු පුරවා රැවටෙන්නෑ තව මා
බොළඳ සිතුවිලි සඟවා හඬවන්නෑ තව මා 
මගේ ඇස් කඳුළැල් පුරවා ඔබ මට දුන්නු 
වේදනාවෙන් දවසක ඇවිලේවි ඔබේ සිතත් මෙන් මා
(ඔබ දන්නෑ කුමක්ද ආදරේ කියා......//)

රිදෙන්න පෙර මා.......