ගී පද
(සොඳුරියේ මා හදේ නුඹ නමින් දිවි තුරා
කෝළ හැඟුමේ දකින සිහිනේ කුළුඳුල් ආදරේ.......//)
තරුත් සඳුත් අද නින්දේ වලා රොදට සැඟවී
ඔබයි මමයි තනි යහනේ සිතෙන් සිතට පැටලී
තුරුලේම ඔබේ රැඳෙන්නම් කුළුඳුල් ආදරේ
සැනසුමින් නොබැඳුනේ සෙනෙහසින් සිත පුරා
කෝළ හැඟුමේ දකින සිහිනේ කුළුඳුල් ආදරේ.......
නෙතින් නෙත සෙවූ රහසේ ඇතින් ඇත සැබෑ වී
පූදිනා අපේ සෙනෙහේ භවෙන් භවේ රැඳෙවී
සැමදා ඔබ හිඳී නම් කුළුඳුල් ආදරේ.......
සොඳුරියේ මා හදේ නුඹ නමින් දිවි තුරා
කෝළ හැඟුමේ දකින සිහිනේ කුළුඳුල් ආදරේ.......