කුල ගෙදරටkula gedharata

Kula Gedarata

ගී පද

කුල ගෙදරට පිය ඔසවන දියණිය
කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන
නාඬන් දියණියණේ //

නුඹේ මවත් කැන්දන් ආ දිනයේ
කඳුළු සැළූ බැව් මතක තියේ මට
නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි
පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට

ලෝකය වෙනුවෙන් හැදුවා පමණකි
අපහට කිසිදා උරුම නොවේ ඔබ
කඳුළක්‌ සුසුමක්‌ සිනා රොදක්‌ මැද
යළි යළි ඉපදී ජීවත් වනු මැන