කුඩා ගමේkudaa gamee

Kuda Game

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

චිත්‍රපටය: හූලවාලි (1976)

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා......

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට 
(වරම් නැතුව ගියා......//)

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
(ආල වඩන යන තේරුම බෝසත් කම සකි......///)