කටු ගාන කොලය මැද (යුක්තියේ අයුක්තිය)katu gaana kolaya maedha (yukthiyee ayukthiya)

Ktu Gana Kolaya Meda (Yukthiye Ayukthiya)

ඇල්බමය
යුක්තියේ අයුක්තිය
සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee

ගී පද

කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක්
අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක්
හීන පොරකන රෑක ලියූ කඩදාසියක්
තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක්

හත්මුතුව සන්තාන හැර පිසන දුක් කඳුලු
හැඳින නොහැඳිය හැකිද මිට මෙලූ මුතු පබලු
අත'ග දිලිසෙන කසුන් ඉපිද සත්සර නැගුනු
දින කවර දා වුවද හිමිය මට කටු ඔටුණු

සඳ එළිය අරක්ගෙන දුර අහසෙ උන්නාට
මට පොළොව කළුවරයි අමාවක නොවුනාට
මා දෙනෙත් මුලා කර සා රුවක් පෑවාට
සදේ අසිරිය වඩයි ප්‍රේමයේ ආවාට

කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක්
අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක්
හීන පොරකන රෑක ලියූ කඩදාසියක්
තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක්