ගී පද
කොවුලන්ගේ මිහිරි සංගීතේ
වන රොදින් නැංවේ සැන්ඳෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිලේ දිලේ සදා ලෝකේ.....
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ
සිහනෙන් වගේ සේයා මැවේ
විල් යායේ විල් තීරේ සැඳෑවේ මේ
සොබා දිලේ අහසේ නිලේ
නැලවෙන්නේ ඕලු විලේ…
කොවුලන්ගේ.....
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ....
(මල මල සිම්බ ඒ මල මල සිම්බ ඒ....//)
ගුමු ගුමු නාදේ මේ මැස්සන්
රොන් ගන්නා වෙලේ
සමනල නඩයේ සුලලිත තාලේ
පිනවන්නේ හද මා මේ යාමේ.....
සිහනෙන් වගේ සේයා මැවේ
විල් යායේ විල් තීරේ සැඳෑවේ මේ
සොබා දිලේ අහසේ නිලේ
නැලවෙන්නේ ඕලු විලේ…
කොවුලන්ගේ.....