ගී පද
කොවුල් නදයි රබන් සුරල් රැව්දෙයි ගම් මැද්දේ
අවුරුදු දා සුභ නැකැතින් අප එක්වෙයි
සමගිය පෙන්නා අවුරුදු දා
කැවුම් කොකිස් සුවඳ නැවුම්
ගෙයින් ගෙට විහිදෙයි අවුරුදු දා
නෑ මිතුරන් සැම සැනසෙයි
අසිරිය පෙන්නා අවුරුදු දා.......
ඔංචිලි පැද කියන කවිය
දෙසවන් යුග අතරට එක්වෙනවා
සියලු දෙනා ආදරේට
එකමුතු වෙයි වාසනාව සොයලා.....
කොවුල් නදයි......
සතුට වඩනසිරිය ගෙනෙන
කිරි ඉතිරෙන දවස අදයි කියලා
අප සැවොමා වාද භේද
අමතක කොට වාසනාව සෙව්වා......
කොවුල් නදයි......