ගී පද
කෝටු කෑලි සොයාලා
පරඬැල් කොළ ගෙනල්ලා
තාලයකට තියාලා
පොඩි කුරුලු ගෙයක් සදාලා
පොඩි කුරුලු ගෙයක් සදාලා...//
කැදැල්ලෙ වුන් කිරිල්ලී
අන්න ගියා ඉගිල්ලී...//
ලමෝ ලපටි උදම්වි
අර ගයා නටති මඟුල් ගී
කෝටු කෑලි සොයාලා.../
කුරුලු කෙලී බලන්නේ
කිචි බිචි ගා අඬන්නේ...//
සද්දෙට පොඩි ලමුන්නෙ
අර පුංචි එකා බයයිනේ
කෝටු කෑලි සොයාලා...//