කොතැනක හෝkothaenaka hoo

Kothenaka Ho

ගී පද

කොතැනක හෝ පිපිලා - යළි ඔබටම සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැවිලා - යළි ඔබටම සෙවණ සදන්නම්

තනි වී හිඳිනා සඳ නිති නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ළඟ
පෙති පෙති ගලවා පා යට තෙරපා
මල මැළවූයේ ඇයි

සායින් පෙළෙනා සඳ සේ ඔබ වනයේ
විළිකුන් කර මම දුනිමි පලා ඵල 
සුහුඹුල් ශාකා විඳ ඵල වැළදූ
ගස වැනසුවේ ඇයි