කොමළ ලියා බොළඳ ලියාkomala liyaa bolanda liyaa

Komala Liya Bolanda Liya ( Sikuruliya )

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

ගත සීතල පහස ලබා 
ලැම රන්වන් සුවඳ සොබා 
මුව මී රොන් ලැබුව මෙමා 
සිකුරුලියා මාව දමා යන්න ගියා 
සිකුරුලියා... 

නෙත ඇඳි රුව ඔබය සුදූ 
අද ඒ නෙත කඳුළු බිඳු 
ආදරයෙන් ඔබව හැදූ 
සිකුරුලියා මාව දමා යන්න ගියා 
සිකුරුලියා... 

ආදරයෙන් ඔබ හින්දා 
මා මනසින් දුක් වින්දා 
මාව දමා යන්න ගියා 
සිකුරුලියා ...