කොළොම්තොටkolomthota

Kolomthota

සංගීතය:
ගුණදාස කපුගේgunadhaasa kapugee
පද රචනය:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

ගී පද

කොළොම්තොට නැත මහළු වී 
අවන් හල නැත පැරණි වී 
එදා හඳමයි අදත් යෞවනයේ 
එහෙත් අප දෙදෙනා 
බලන් කැඩපත සොඳුරියේ 

පෙරුම් පුරමින් හමුවෙලා 
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ 
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

කොළොම්තොට...

කුඹ ගසක්‌ උඩ නැවතිලා 
සිනහා තලමින් සඳේ ඇයි සරදම් 
බලන් කැඩපත සොඳුරියේ 
කුමන අරුමද නර කෙසත් නැගිලා 

කොළොම්තොට...