කෝල නාරිkoola naari

Kola Nari

සංගීතය:
වින්ග්ස්wings
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

දිනක් මා හා සඳක් පායා
සිතක් දීලා සිහිනේ යාවීලා
පාව ආවා රැයක් පාසා
මාගෙ වීලා නෙත් යායම සනසලා
දුටුදාම මාගෙ දෑත ලංවූවා

කෝල නාරි සිත සරසලා
සේද හාදුවක් ගවසලා
ලංවෙලා හද සනසලා
කිසි රහසක් නෑ කියා
දෑසේ ආදරය ඉඟිකලා
පාට සිහිනයම හැඩකලා
ආයෙ ආයෙ ඇගෙ දෑස දැල්වෙන්නා
හැමදාම රෑම මට ඇයව සිහි වෙන්නා

දෑත දෑත එක්වෙන්නා
දෑස දෑස ලංවෙන්නා
මාගෙ ලෝකෙ ඈ බව තේරෙන්නා
පාට හීන දිස්වෙන්නා
රෝස යායෙ රැස්වෙන්නා
ආයෙ ආයෙ ඈවම සිහි වෙනවා 
ආදරේ පෙරුමන් පුරනවා
සිත කොනිත්තා නුඹ තවත් ලං වෙන්නා

කෝල නාරි.....