ගී පද
කොහොම අතැර දමා යමු ද මේ හිතවත්කම්
පෙර සංසාරෙන් ආ දේවල් ආලවන්තකම් //
ඉර කියන්නේ අත් හරින්න අපේ සබඳකම්
සඳ කීවෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කල නොපහන්කම්
ඉර හඳ තරු දන්නවාද අපේ යහපත්කම්
කොහොම අතැර ....//
ඇලත් දොළත් ගලායන්නේ කරමින් සරදම්
ගසුත් වැලත් බලා ඉන්නේ දෙවමින් අවමන්
මුළු ලෝකේම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහ කොළ දන්නෙද අපෙ මනුස්සකම්
කොහොම අතැර ....//