කොහෝ කොහෝ ගී තාල හඬින්kohoo kohoo gii thaala handin

Koho Koho Gee Thala Hadin

ගී පද

කොහෝ කොහෝ ගී තාල හඬින් 
එරබදු මල් පාවාඩ උඩින්
බක් මහ මඟුලට ලක් මව පිබිදේ 
(සිංහල අවුරුද්දේ.......//)

(ගස් වැල් මල් පලතුරු පිරිලා 
මී වද වල මීපැණි පිරිලා.....//)
කැවිලි පෙවිලි ගෙයි ගෙයි පිරිලා
සිංහල අවුරුද්දේ........

කොහෝ කොහෝ......

(පරණ තරහා අවුරුදු හුළඟේ 
පා කර මහිමෙන් බුලත් අතේ.....//)
එක් වී කති බොති නෑදෑයෝ
සිංහල අවුරුද්දේ........

කොහෝ කොහෝ......