කොහෙදෝ නුඹ ගිහින් හිටියේkohedhoo numba gihin hitiyee

Kohedo Numba Gihin Hitiye

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

කොහෙදෝ නුඹ ගිහින් හිටියේ
වේදනා දොර ඇරුනා
කළුවරේ හිත රිදුනා //
කොහෙදෝ නුඹ ඇවිත් හිටියේ
අනෝරා වැහි වැටුණා
වසන්තේ මඟ හැරුණා //
කොහෙදෝ නුඹ ගිහින් හිටියේ

කුණාටුව මැද බිඳී විසිවෙන
හිතේ හසරැල් ලුහුබඳිනා
සිතිජයට දුර අහස කෙළවර
නුඹ ඇතැයි යළිත් මට සිතුණා

ඉඩෝරය ළඟ හුස්ම අරගෙන 
හිතේ කොතැනද රැඳුණා
පමා වී යළි ආ වසන්තයේ 
මගේ හෙට දවස මුණ ගැසුණා //

කොහෙදෝ නුඹ ....