කොහේ හෝ නුඹ නතර වීkohee hoo numba nathara wii

Kohe ho Numba Nathara Vee

ගී පද

කොහේ හෝ නුඹ නතර වී 
කාට හෝ ජීවිතය දී
තුටින්නම් මට ඒ ඇති 
මගේ නොවුනට කම් නැති නුඹ 
මගේ නොවුනට කම් නැති 
	
උනන්දා අපි අපේ වී නුඹ 
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමිදා අද 
මමත් දැන් මට හිමි නැති 

කොහේ හෝ .../

නුඹ ළඟත් මතකය ඇති 
නමුදු අපි වෙන් වී ඇති 
එපා රිදවුම් ගන්න දිවියට 
අපිට හිමි ජීවිත ඇති 
කොහේ හෝ.../