කොහා ගැයූ ගීkohaa gaeyuu gii

Koha Gayu Gee

ඇල්බමය
Awa Aurudu Devi

ගී පද

කොහා ගැයූ ගී ඇසේ සුමිහිරි 
අවුරුද්දේ සද්දේ ඒවි ගම් පැත්තේ
සිංහලයේ ප්‍රීති ගේන මංගල්ලේ......//
කොහා ගැයූ ගී......

මල් පීදීලා කෙත් වීදිලා....//
ඇළ දොළ පිරිලා කෙත් සරු වෙලා
සාමය වඩාලා එකමුතු වෙලා
තෙරුවන් පීදුවා ආලෙන්......

කොහා ගැයූ ගී.......

කිරිබත් උයා කැවුමුත් සදා....//
අතිරස කොකිස් කිවිලි හදා
ඔංචිලි බැඳිලා වාරම් කියා
සෙල්ලම් විනෝද කාලේ.......

කොහා ගැයූ ගී.......

කවි ගී ගයා රබනුත් ගසා.....//
රතිඤ්ඤා හඬයි මේ හැමතැන් පුරා
මිහිරක් දැනේවි හැම සිත් පුරා
සැණකෙළි විනෝද කාලේ......

කොහා ගැයූ ගී......//