කියන්න රත්තරනේkiyanna raththaranee

Kiyanna Raththarane

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu

ගී පද

කියන්න රත්තරනේ ඇයි මේ වගේ දුක් දෙන්නේ
ඔය සුදු මුහුණ ටිකක් බලන්න අවසර නැත්තේ
මැරි මැරි උපදිනවා ඔබ සිහිවෙන හැමවාරේ
ඔයාව නොලැබුනෝතින් කිසි අරුතක් නෑ දිවියේ
කියන්න රත්තරනේ.......

(ඉස්සර නම් අපි දෙන්නා හරි සතුටින් කල් ගෙව්වා
අඩුවක් නැති ආදරයේ සුන්දර තැන් මට දුන්නා.....//)
ඉස්සර වගේ නෑ ඔයා මට වෙනසක් දැනෙනවා
මේ දුක මගේ උරුමය නම් මා තනිවෙන්නම් සදා.......

කියන්න රත්තරනේ ඇයි මේ වගේ දුක් දෙන්නේ
ඔය සුදු මුහුණ ටිකක් බලන්න අවසර නැත්තේ
කියන්න රත්තරනේ.......

(දහසක් බාධක හමුවේ ඔබ මා නොසැලී උන්නා
රිදෙන රිදෙන හැම වාරේ ඔබ නැතිවේ දැයි සිතුණා......//)
කඳුළු දිදී වැලපෙනා මේ හිත අද තනිවෙනා 
ඔයාගේ සැප මගේ සතුටයි මා තනිවෙන්නම් සදා.......

 කියන්න රත්තරනේ.......