කියන්න හිතුණා ආදරියේkiyanna hithunaa aadhariyee

Kiyanna Hithuna Adariye

සංගීතය:
අවිශ්ක ලක්නාත්awishka laknaath
පද රචනය:
මධු විජේකෝන්madhhu wijeekoon

ගී පද

කියන්න හිතුණා ආදරියේ ජීවිතේ සිහිනයක් 
විඳින්නම් ඔබේ ආදරේ ඒ හීනයේ හැඟුමින්
අතැර මා දමා දුර යන්න එපා පෙම් හීනේ 
තනි වී සදා ඔය දෑසයි මා සෙව්වේ.....

නුඹ ළඟ ඉන්නම් සිහිලැල්ලේ සීතලෙන් ගුලි වී
නෙතු නළවන්නම් පැතු හීනේ ඔය සෙනෙහ් විඳිමින්
(ඇස් දෙක පියෙන තුරා ලෙන්ගතු ඔබට තමා....//)
ඔය දෑසයි මා සෙව්වේ.....

දුර ඉගිලෙන්නම් ඔය දෑතේ පැටලී ආදරෙන්
සිත නළවන්නම් මගේ හීනේ නුඹ හා යාවෙමින්
(නුඹ මට ලැබෙන තුරා ඉවසුම් නැතිව ගියා....//)
ඔය දෑතයි මා පැතුවේ......
කියන්න සිතුණා ආදරියේ ජීවිතේ සිහිනයක්......