කියඹු ලතාවේkiyambu lathaawee

Kiyambu Lathawe

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ
හැඩට මුලා වී දපනෙ වැටුනේ මමනේ
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ
රහට මුලාවී කඩං වැටුනේ මමනේ
කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නාරි ලතාවේ මට නම්
කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ
හැඩට මුලා වී දපනෙ වැටුනේ මමනේ.....

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා
සිතැඟි බඳුන බිඳුනා පපුවෙ පුලිඟු දැව්නා
මෙමට ඔබම ඔබිනා බව සුළඟ පවා කිව්වා......

නළඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත්වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුළඟන වී සසර පුරා බැඳුනා...

කියඹු ලතාවේ......