කියාගන්න බැරි තරමට ඔබට ආදරෙයිkiyaaganna baeri tharamata obata aadhareyi

Kiyaganna Bari Tharamata Obata Adarei

සංගීතය:
සුනෙත් චතුරංගsuneth chathuranga
පද රචනය:
ඈන් සුරනිaen surani

ගී පද

කියාගන්න බැරි තරමට ඔබට ආදරෙයි 
දරාගන්න බෑ තව නම් හිතේ ආදරේ 
හිතාගන්න බෑ තවමත් ඇයිද නුඹ කෙරේ 
මේ තරමට හිත බැඳෙන්න තිබුණ කාරණේ

මැරි මැරි උපදිනා සිතට හීන ගේන රෑ 
ඇසිපිය යට මගෙ තනියට කඳුළු තියෙනවා 
සින්නක්කර ඔය සෙනෙහස හිමි නොවනා දා 
මේ හුස්මත් අරං යන්න පවු පිරෙනා රෑ 

වැටෙන හුස්මෙ නුබේ සුවඳ රටා මවන රෑ 
නුබෙන් උරුම මේ කඳුළට නුඹම හිනැහෙනා 
හීන ගොඩක් හිත පුරාම මිහිදන් වන දා 
මේ පපුවට තුරුල් වෙන්න මා මියෙනා රෑ 

කියාගන්න බැරි තරමට ඔබට ආදරෙයි....