ගී පද
කියාගන්න බැරි තරමට
ලියා ගන්න බැරි තරමට //
අන්ත අසරණයි මා සිත නුඹට බැඳි පෙමින්
නුඹට බැඳි පෙමින්
පාළු නිසල වන පියසනක
ගලා හැලෙන දිය දහරක //
පෙන බුබුලක මම දුටුවෙමි ඔබගේ ආදරේ
ආදරේ ....
කියාගන්න බැරි .....
හඩා වැටෙන සිතුවිලි නල
හමායන්න බැරි හින්දම //
දවයි සෙනෙහසෙ දියදළු පෙම් ලැව් ගින්නෙන්
ලැව් ගින්නෙන් .....
කියාගන්න බැරි .....