කිත්තානේ කිනත්තේkiththaanee kinaththee

Kiththane Kinaththe

සංගීතය:
පබළු විජේගුණවර්ධනpabalu wijeegunawardhhana
පද රචනය:
ධම්මික හෙට්ටිආරච්චිdhhammika hettiaarachchi

ගී පද

කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ
පුප්පානේ පූ පනේ පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී සිංහල නාදේ...

කන්හානේ කන්හනේ කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල බුදුන්ගේ දේසේ....

දබරු බුද්ද බෙරය වයා රැකෑ කෙලින්නා
කැවිලි පෙවිලි උයා පිහා හැඩ වැඩ වෙන්නා
අනුරාපුරයේ සයන් ජාත කිරිබත් සැදෙනා
සමනොල සබරේ මසුරන් වත දනට පිදේනා
වස්සානේ දසන්තේ රාවන තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු සදහම් දීපේ
වස්සානේ දසන්තේ රාවන තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු සදහම් දීපේ...

නගුල දේව සේ ජවෙන් කමතේ බමන්නා
දෙනෙත් කොනෙන් බලා බලා ලදුන් රගන්නා
පැරනිම දේසේ කොරලේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා
මද්දාරා මදා රා පරසතු පිපෙනා
දෙව් ලෝකේ මෙහේ නේ දෙවිවරු වසනා...

කන්හානේ කන්හනේ කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල බුදුන්ගේ දේසේ
කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ
පුප්පානේ පූ පනේ පැණිරස වෑගේ
ගම්මානේ ගිගුම් දිදී සිංහල නාදේ
කන්හානේ කන්හනේ කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල බුදුන්ගේ දේසේ...