කිරි අම්මාkiri ammaa

Kiri Amma

සංගීතය:
දීලුම් තේජනdhiilum theejana
පද රචනය:
සජිත් අක්මීමණsajith akmiimana

ගී පද

අලුයම පිබිදෙන මිනිසුන් වෙනුවෙන් 
කිරි ටික දැන් දුන් කිරි අම්මා...
රාත්‍රියට රස කර වවිඳ ගත්තේ 
කෙලෙසද උණු සිත් නැති නුඹලා....

ජීවන ගමනට ඔබ හා උර දී 
දිවියට වෙහෙසක් දැනුනු මෙදා...
අමතක කරලා මසට විකුණුවද 
කල ගුණ නොහැඟෙන මිනිසෙකු සේ...

පවු පින් බන පද නිතර ඇසුණු මුදු 
අනෙකාගේ දුක සිතට නොදැනුනද...//
වෙනකෙකුගේ මස කුසට පුරෝ ගෙන 
ලබනා සැනසුම ලොවේ කොහේ වෙද 

හෙට පින් මදි වෙයි අද පවු නොකරන් 
සතුන්ට මෙත් කරුණාවම පතුරන්...//
මල කුණු කා කුස ගිනි පුරවාගත් 
මිනිසෙකු නොවියන් මේ සසරේවත්...