ගී පද
ලං වෙන්න වෙන්න ආදරේ සොයාලා
මම තාම ඉන්නෙ ඔබ එතැයි බලාලා
සුදු පින්න ගේන හීතලේ එතීලා
මට ඉන්න දෙන්න උණුහුමේ වෙලීලා
කිඳුරාවියේ ඔබ මා මත් කලා
ඔබෙ ආදරේ මට අත් වෙලා
මතු භවයෙදිත් ඔබ හා එක්වෙලා
අත් පටලලා හිඳිමු ආයෙමත්
මියෙනා තුරා
වැස්සක් වැටීලා මුලු රෑ පුරා
හිරිකඩ සුසුම් මැද ඔබ හිනැහිලා
මගෙ හිත පුරා සෙල්ලම් කලා
ශෘංගාර හැඟුමන් මවා
කිදුරාවියේ......
මිහිරාවියේ ඔබ මැවු සිනා
නොමැකී වෙලී යයි මා හද පුරා
සිහිනෙන් පවා ඔච්චම් කලා
රැක ගනිමී මා නෙතු පියවෙන තුරා
ලං වෙන්න වෙන්න......
කිඳුරාවියේ......