කිචි බිචියට ගී ගයන්නkichi bichiyata gii gayanna

Kichi Bichiyata Gee Gayanna

සංගීතය:
තුසිත් නිරෝෂණthusith nirooshana

ගී පද

කිචි බිචියට ගී ගයන්න 
රූ වරුණා මැව්වයි 
කතා කරන ඔය ඇස් දෙක 
අලුත් ඉරක් මැව්වයි//
අයියණ්ඩිගේ හිත අද්දර 
නොකී කතා රැඳුනයි 
එපා එපා නොදොඩා ඉන්න 
සුනංගු නම් නැතිවෙයි...//

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා 
හිරු මඟුලට හිනැහෙන්නයි...//

අහස් ගව්ව සොයා යන්න 
සමනල තටු ලැබුණයි 
නුඹේ අතින් හැදෙන ඇඹුල 
දිගු ගමනක් යන්නයි...//

හීන් හිනා කවට කතා 
අද විතරක් ඔට්ටුයි 
කිරි වදිනා හෙට දිනයේ 
අලුත් පැලක් තැනුණයි...//