කෙසේ කියන්නදkesee kiyannadha

Kese Kiyannada

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

කෙසේ කියන්නද 
ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා
මගේ මුවින් මම 
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

කෙසේ කියන්නද 
ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා
මගේ මුවින් මම 
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්හළෙමි යි පවසමි
ලොවටම ඇසෙන නියා

කෙසේ කියන්නද 
ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා
මගේ මුවින් මම 
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා